ගොඩාක් කාලයකට පස්සේ බ්ලොග් එක පත්තේ එන්න හිතුනේ... මේ දෙසැම්බර් කාලයෙදී විතරයි නේ නිවාඩුවක් තියෙන්නේ......
ඉතින් අද මම මගේ අම්මට සිදුවුනු ලස්සන අත්දැකීමක් ලියන්න හිතුව :)
ඔන්න ඉතින් තාරකාවි ඉගෙන ගත්තේ මහනුවර සුප්‍රසිද්ද කාන්තා පාසලක... කාලයක් මම ඒ පාසලේ නේවාසිකාගාරයෙත් හිටියා... ඔන්න ඔය කාලයෙදි හැම සති අන්තයේදීම තාරකාවිගේ අම්මා, නැතිනම් තාත්තා , එහෙමත් නැතිනම් තාරකාවිගේ නෑදෑයෝ ආවා තාරකාවි ව බලලා... සති අන්තයේ පන්ති වලට එක්කරගෙන යන්න.....
එක සති අන්තෙක අම්මා නුවර එන්න බස් එක එනකල් පාන්දර හයට විතර ඉන්නවලු බස් ස්ටෑන්ඩ් එකේ... ටික වෙලවකට පස්සේ ටිකක් වහින්න පටන් ගත්තලු... අම්මත් කුඩයත් ඉහලගෙන දැන් බස් එක එනකල් බලාගෙන ඉන්නවලු. ගොඩාක් වෙලා බස් එකක් එනකල් බලගෙන ඉඳලා බැරිම තැන අම්මා අවිස්සාවේල්ලෙන් යන බස් එකකින් වත් යනවා කියල හිතාගෙන ඒ වෙලාවෙ ආපු කොළඹ යන එක්ස්ප්‍රස් බස් එකකට නගින්න දිවුවලු... දන්නවනේ ඉතින් අම්මට පිටි පස්සෙ හිටපු අයත් හෙන තල්ලුවක් දෙනවලු.... අපෙ අම්මා ඉතින් හදිස්සියට කුඩයත් අතට අරගෙනලු නැග්ගේ.. කොහෙද ඉත්න් ඕව බෑග් එකට දාගන්න සිහියක් නෑ නේ ඒ වෙලාවට..... බස් එකට නගින්න මාර සෙනඟක් ලු... අම්මත් ඉතින් අර මිනිස්සුත් එක්ක පොරකාල ෆූට් බෝඩ් එකේ නගින ගමන් අර තෙරපිල්ලෙම අල්ලගන්න තැනක් අල්ලගන්න බාර් එකක් තියනවද කියලා බැලුවලු... ඔන්න ඉතින් ටික වෙලාවකින්.. යන්තමින් ෆූට් බෝඩ් එකෙන් උඩට ඇවිත් අර... බස් එකේ උඩ තියන බාර් එක අල්ල ගත්තලු.... දැන් ඔහොම ටික දුරක් යනකොට.... මිනිහෙක් කෑගහනවලු..... "කාගෙද මේ තෙත කුඩේ....කාගෙද මේ කුඩේ..." කියලා....ඒ වෙලාවෙලු අම්මට මතක් වුනේ කුඩේ නෑ කියලා.... බැලින්නම් අම්මා උඩට නගිනකොට...තෙරපීමත් එක්ක අම්මත් අත්දෙකෙන්ම අල්ලන්න තැනක් හොයනකොට.... කුඩේ අම්මට ඉස්සරහින් පිටුපසු හරවා හිටපු සීයා කෙනෙක්ගේ ශිර්ට් එක අතුලට ගිහින්.... අපේ අම්මත් ඉතින් බයවෙලා..... සමාවෙන්න.... මේකුඩේ මගේ.... වැරදීමක් වුනේ කියලා... අම්මා ඒ සීයට කියලා.... හැබේ ඉත්න් ඒ සීයා මොකුත් කියල බැනලා නෑ..... අම්මගේ ගෝලයො ටිකක් නම් ඉඳලා ;)